කවුද මේවට වග කියන්නේ ?

ඔන්න දැන් මහ මැතිවරනයකුත් ලග එනවාලු.ඒ කට අපේ අපේක්ෂකතුමාලත් සැහෙන්න වැඩ කරනවාලු. ඒ එක්කම අපේක්ෂකතුමාන්ගේ ආධරකරුවෝත් දිගටම වැඩලු.

පාර දෙපැත්තේත් බිත්ති දිගේත් ලයිට කණුවල එල්ලිලා ඉන්න අපෙක්ෂකතුමන්ලා මහ ජනතාවට දේන්නේ මාර හිනා.

ඔන්න ඉතින් හැම තැනම වේදිකාත් ගහනවලුනේ.අම්මපා කියලා වැඩක් නැ මාර ටොක් තමයි දෙන්නේ.අනිත් පක්ෂේ එකා ගැන විතරක් නෙම් තමන්ගේ පක්ෂේ එකාත් ගැන මාර විස්තර දේන්නේ. අපෙක්ෂක තුමා මර හොදයි, අනිත් අය ගැන ඔක්කොම වැරදි කියනවා.

අපේක්ෂකතුමා අහවල් පත්තරවල දැන්විම් දානවලුනේ. අනේ වාසනාවන් එතුමා කොම හරි දිනන්න ඕනේ.හරි හොද මහත්තයා අපේ ගමේ උන්ට කොමත් දෙන ලයිට් එතුමානේ අරන් දුන්නේ.

අන්න අපේක්ෂකතුමා රුපපෙට්ටියේ ඉන්නවානේ , වයර්ලස් එකෙත් කතා කරනවා.මාර ලස්සනයි කියලා වැඩක් නැ.බලන්නකෝ ලස්සන.නිකම් නලුවෙක් වගේ.

අනේ බොලව් ඇත්තටම ඕවට වියදම් කරන්නේ කාගේ සල්ලිද ඔයි ?

මොකද ජන්දේන් පස්සේ බඩුවල ගනන් වැඩි වෙන්නේ ?

ලාංකික අන්තර්ජාල පරිශිලකයනි ප්‍රවේශම් වෙයල්ලා.

මොනාද ලංකාවේ මිතුරු රාජ්‍යන් ?

 අංක 1 – ඉරානය

 අංක 2 – චීනය

 අංක 3 – රුසියාව

මේ රටවල්තමා ලිස්ට් එකේ උඩින්ම ඉන්න රටවල්.මේ රටවල්වල එක් එක් ලාභ ප්‍රයෝජන වගේම උපදෙසුත් අපේ රාජ්‍යට හම්බ වෙනවා.

මේ රටවල්වල පොදු ලක්ෂණය වන්නේ ඒවයේ පැවති පවතින දැඩි පාලනයයි.

මම  මේ කියන්න යන දේ සමහරක් විට ඔය ගොල්ලෝ දැනටමත් දන්නවා ඇති.මේ රටවල් දෙකම ඒ ඒ රටවල්වල අන්තර්ජාලයට ඉතාමත් දැඩි  රැකවල් දාල තියෙන්නේ ඒ ඒ රටවල්වල ආණ්ඩු විරොධි මත, ආගම් විරොධි මත දරන කට්ටිය මට්ටු කරන්න.මොකද අන්තර්ජාලය කියන්නේ ප්‍රතිගාමි මත දරන්නන්ට තමගේ මතය ප්‍රකාශ කරන්න තියෙන තොතැන්නක් නේ.(මන්දා ඉතින් ප්‍රජාන්තවායේ තියෙන ” අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ” මොකක් වෙලාද කියලා)

ඉතින් ඒ ගොල්ලො විවිධ ආකාරයෙන් බාධක යොදලා මේ ප්‍රතිගාමින්ගේ අදහස් වගේම රාජ්‍ය දුෂණ/වංචා,හෙලිකරන්න නන්ට විරුද්ධව කටයුතු කරනවා.

මේ ලගදි වුණ අලුත්ම සිදුවීම තමා ඉරානය තුල ජී මේල් තහනම් කිරීම.මොකද දැඩි පාලනයක් පවතින ඉරානයේ සිදු වෙනවා යැයි පවසන අකටයුතුකම් පිලිබද භාහිර ලෝකය දැනුවත් කලේ ජි මේල් මගින්( මුණ පොත ප්‍රමුඛ වෙබ් අඩවි බොහොමයක් ඉරානයේ   තහනම්)

ඉතින් ඉතින් ලංකාවේත් රාවයක් ගියානේ පහුගිය දවස්වල අපේ චීන මිතුරෝ ටිකක් අපේ රටට අන්තර්ජාල කලමණාකරනය ගැන කියා දෙන්න ආවා කියලා.

අපේ රටත් බැරිවෙලා හරි අපේ මිතුරෝ අනුගමනය කලොත් එහෙම ?

ඡන්දය – ආතල් ගනිල්ලා දුක අත ලගයි

දැන් ජනාධිපතිවරණය නිමාවි ටික කාලයක් ගතවී ඇත.ඒ අනුව දැන් පාශ්වාත් මැතිවරණ කාලයයි.එමෙන්ම දැන් මාහ මැතිවරණයට පෙර කාලයයි එනිසා මෙය පුර්ව මැතිවරණ කාලයයි.

ලංකාවේ මැතිවරණ තිබීම ඉතාමත් වටින බව මාගේ අදහස් අඩුම තරමේ අවුරුද්දට මැතිවරණ 12 ක් වත් තිබිය යුතුය මක් නිසාද යත් දේශපාලකතුමන්ලා වලාකුළු අඩවියෙන් බැස පොලවට වඩින්නේ මේ කාලයේ බැවිණි.අඩුමගානේ මනස වෙහසවීමට අකමැති වුවත්  ජනතාවගේ බඩේ හින්දර සහ හිතේ ගින්දර තෙරුම් නොහත්තත් අඩුම ගානේ එය දකින්නේ ( තෙරුම්ගත් බව හගවන්නෙත් ) මේ සංකාන්ති සමයේය.

ඉතාමත් බුද්ධිමත් ජනතාවක් ඉන්න මේ රටේ ජනතාවට බලෙන් වරප්‍රසාද සපයනු ලබන්නේ මේ කාලයේය.භාණ්ඩ මිල පහත හෙලීම , නානාප්‍රකාර සහනාධාර දේශපාලකයන්ගේ නොඉටුවන පොරොන්දුවලට අමතරව ලැබෙන්නේ මේ කාලයේය.

මේ සංකාන්ති සමයේ කා බී  ආතල් ගැනීම ඔබ අප වන පොදු ජනතාව අනිවාර්‍යයෙන් කලයුතුය.මක්නිසාද යත් සංකාන්ති සමයේන් පසු එලබෙන හෝරාව ගෙවී යන්නේ තමාගේ ඊරි මාංශ තමාටම අනුබව කිරීමට සිදුවීමේනි

අපි නිදහස් !

නිදහස ලබා අවුරුදු 62ක් ගතවන තැන අපි අද මහ ඉහලින් අපේ නිදහස සමරන්නේ ලොකේට පෙන්න පෙලපාලි එහෙම නැත්නම් සාජ්ජ පවත්වලා ඇත්තෙන්ම අපි නිදහස්ද මේ ප්‍රශ්නේ ඔය ගොල්ලන්ගෙන්ම අහගන්න.

ඇත්තෙන්ම අපි නිදහස්ද මේ ප්‍රශ්නේ ඔය ගොල්ලන්ගෙන්ම අහගන්න.

නිකම් නිකම් මොනවද මොනවද දැනේනවා නෙද ? ඔව් අපි නිදහස් මොකෙන්ද ?

” යුරොපියන්ගේ අධිරාජයවාදි පාලනයේන්” අපි නිල වශයෙන් නිදහස් නේ ඉතින් අපි නිදහස්…….

නමුත් පොඩ්ඩක් හිතන්න අපි ඒ යටත් විජිතවාදි චින්තනයේන් නිදහස්ද ? පිටරට සුද්දගේ සමහරක් එවා පිහිදාන කඩදහි කැල්ල ලෙවකන්න පුලුවන් මොකො එක සුද්දගේ නිසා.අද අපේ ලංකිකයන්ගේ ස්වාධින තීරණ ගැනිමේ හැකියාව ගැන තව කවර කතාද ?

1815 සුද්දා ගෙනාපු ගති ගුණ නීතී රීතී හා ජීවන පිලිවෙත බදාගෙන සුද්දන් ඒවා ඉවත දමද්දිත් හෙල බෞද්ධ සිරිත් කියමින් එවා වන්දානා කරන (නි )වහල් ජාතියක් වශයෙන් අද අපි දුක් විය යුතුයි මක් නිසාද යත් අපේ ජාතිකත්වයේ ගැබ්වී ඇත්තේ සවාධින බව නොව පරාධින බව බැවිනී

අන්‍ය රාජයන්ට කඩේ යන අපේ දෙශපාලනතුමන් තුන්වන පරම්පරවේ කළු සුද්දන්ය.

ජන්දයක් ලග එනවිට අන්‍ය රාජයන්ට තම සහොදරයන් යවන එසේත් නැත්නම් තාමාම යන අපේ නායකයන් ඔවුනට බාර වෙන්නේත් බාර ඔප්පු කරන්නේත් අපේ  සිංහල (අ)බොද්ධයන් දෙවියනට දොල් පිදේනි දෙන්නාක් මෙනි.ඉතින් අපේ ස්වාධිනාත්වය ගැන කවර කතාද ?

දෙමල සිංහල මුස්ලිම් කියා වෙන වෙනම හැදුන්නුවාත් මේ ඔක්කොම රගපාන්නේ එකම නාට්‍යය.මෙම තත්වයට හේතුව වන්නේ අපේ නායකයන් පමණක් නොවේ අපේ සියලුම ජනයායි සහ ඔවුන්ගේ සිතුම් පැතුම්ය.තව දුරටත් මෙලෙස මෙම සිතුම් පැතුම් රදවා ගත හොත් සිදුවන්නේ තව දුරටත් අපි අන්‍ය රාජ‍යන්ගේ යටත් විජිත ලෙස පසුවීමය

හැදින්වීම

මේක මාගේ සමාජය පිලිබද දකින විදිහ ලියන සටහනයි සමහරවිට මම වැරදි වෙන්නත් පුලුවන් නමුත් ඉතින් තමගේ අදහස් හරිද වැරදි ද කියලා අනිත් අය එක්ක සාකච්චා කලයුතුයි නේ ඒක පිලිබද දැන ගන්න වෙලාව ලැබෙන ලැබෙන හැටියට මම අඩුම ගනේ මාසෙකට එක සටහනක්වත් දාන්න බලා පොරොත්තු වෙනවා.

ඒ වගේම ඔබලාගේ ප්‍රතිචාර මම අගය කරනවා

මම හිතනවා මට දිග ගමනක් යන්න අවස්ථාව හම්බ වෙයි කියලා

ඕන් එහෙනම් මගේ බ්ලොග් එකේ වැඩ පටන් ගන්නවා

ඔබට ජය

lankanus

Follow

Get every new post delivered to your Inbox.